දෙවන වර්ගයේ දියවැඩියාව

දෙවෙනි වර්ගයේ දියවැඩියාව බොහෝ විට වෙනත් රුධිර හෝ මුත්‍ර පරීක්ෂා කිරීමෙන් පසුව රෝග විනිශ්චය කරනු ලැබේ. කෙසේ වෙතත්, ඔබට දියවැඩියා රෝග ලක්ෂණ ඇති නම්, ඔබ ඔබේ වෛද්‍යවරයා හමුවිය යුතුය. . ඔබට දෙවෙනි වර්ගයේ දියවැඩියාව ඇති ද යන්න දැන ගැනීම සඳහා ඔබ පහත සඳහන් පියවරයන් අනුගමනය කළ යුතුය:

  1. ඔබගේ රෝග ලක්ෂණ පිළිබඳව ඔබ ඔබගේ වෛද්‍යවරයා හමුවන්න.
  2. වෛද්‍යවරයා විසින් ඔබගේ මුත්‍ර පරීක්ෂා කර, රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කිරීම සඳහා රුධිර පරීක්ෂාවක් සුදානම් කරනු ඇත. සාමාන්‍යයෙන් මෙම ප්‍රතිඵල දැන ගැනීම සඳහා දින 1 සිට 2 දක්වා කාලයක් ගතවේ.
  3. ඔබට දියවැඩියාව ඇති නම්, ඔබේ වෛද්‍යවරයා ඔබට නැවත එන්නට පවසා ඔබගේ රුධිර පරීක්ෂාවේ ප්‍රථිපල පැහැදිලි කරදී ඊළඟට සිදු වන්නේ කුමක්ද යන්න පැහැදිලි කරනු ඇත.

ඔබගේ රෝග විනිශ්චය දියවැඩියාව නම්

ඔබ ඔබගේ වෛද්‍යවරයා හමු වූ විට, සාකච්චා කරනු ලබන දේ තීරණය වන්නේ රෝග විනිශ්චය සහ නිර්දේශ කරනු ලබන ප්‍රතිකාර මතය. සාමාන්‍යයෙන් ඔවුන් ඔබ සමඟ කතා කරාවි:

  • දියවැඩියාව යනු කුමක්ද
  • රුධිරයේ සීනි මට්ටම අධික වීම ඔබගේ සෞඛ්‍යට බලපාන අයුරු
  • ඔබ ලබා ගත යුතු ඖෂධ වර්ග මොනවාද
  • ඔබේ ආහාර සහ ව්‍යායාම
  • ඔබේ ජීවන රටාව - උදාහරණයක් ලෙස, මත්පැන් හා දුම්පානය

ඔබේ රෝග විනිශ්චය පිළිබඳව ඔබට ප්‍රශ්න තිබේ නම්

වෛද්‍යවරයා හමුවීමේදී ඔහු ඔබට පැවසු සෑම දේම මතක තබා ගැනීම ඔබට අපහසු විය හැකිය. වෛද්‍යවරයා ඔබට පැවසූ දේ ගැන පවුලේ අය හා මිතුරන් සමඟ කතා කරන්න, ඔබට ඇති ඕනෑම ප්‍රශ්නයක් ලියන්න. ඊට පසුව වෛද්‍යවරයා හමු වීම සඳහා තවත් වෙලාවක් වෙන් කරවා ගෙන එම ප්‍රශ්න ලැයිස්තුව රැගෙන යන්න.